අදත් පෙට්‍රල් පෝලිම්වලට එන්න එපා..!

අදත් පෙට්‍රල් පෝලිම්වලට එන්න එපා..! - ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙයි

by Staff writer 18-05-2022 | 6:55 AM

COLOMBO (News 1st) - පෙට්‍රල් ලබා ගැනීම සඳහා අද (18) දිනයේත් පෝලිම්වල රැඳි සිටීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නමුත් ඊයේ (17) රාත්‍රියේ සිට මේ මොහොත වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටියහ. කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, අද(18) දිනයේත් පෙට්‍රල් නිකුත් කරන්නේ සීමා සහිතව බවයි. නමුත් හෙට(19) සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේ ය. මේ අතර දිවයිනට පැමිණි බොරතෙල් නැව සඳහා අද මුදල් ගෙවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති දැවි තෙල් හා පෙට්‍රල් නෞකා සඳහා ද කඩිනමින් මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි.