ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට පහරදුන් තවත් 6ක් අත්අඩංගුවට

ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට පහරදුන් තවත් 6ක් අත්අඩංගුවට

ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට පහරදුන් තවත් 6ක් අත්අඩංගුවට

කර්තෘ Staff Writer .

18 May, 2022 | 2:07 pm

COLOMBO (News 1st) – ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 6 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඒ අතර මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මංජුල ප්‍රසන්න යන මහත්වරුන් ඒ අතර වන බවයි.

ඊට අමතරව කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සමීර චතුරංග , සීතාවක ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ජයන්ත රෝහණ , බන්දුල ජයමාන්න, දිනෙත් ගීතික යන මහත්වරුන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]