අද (18) ත් පෝලිමට එන්න එපා..! ගෑස් බෙදීම ප්‍රමාදයි… ලිට්‍රෝ ජනතාවට දැනුම් දෙයි

අද (18) ත් පෝලිමට එන්න එපා..! ගෑස් බෙදීම ප්‍රමාදයි… ලිට්‍රෝ ජනතාවට දැනුම් දෙයි

අද (18) ත් පෝලිමට එන්න එපා..! ගෑස් බෙදීම ප්‍රමාදයි… ලිට්‍රෝ ජනතාවට දැනුම් දෙයි

කර්තෘ Sagarika Chathumali

18 May, 2022 | 8:40 am

COLOMBO (News 1st) – බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇති බැවින් අද (18) දිනයේ ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසන්නේ, අයහපත් කාලගුණය හේතුවෙන් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට බාධා මතුව ඇති බවයි.

කෙසේ වෙතත් මීට පෙර සමාගම දැනුම් දුන්නේ, මුදල් ගෙවන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2800 ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑම ඊයේ (17) දිනයේ ආරම්භ කළ බවත් ඒ අනුව අද සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]