by Staff Writer . 17-05-2022 | 6:59 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
ඒ, පසුගිය 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද අත්අඩංගුවට ගනු ලැබිණි.