බංග්ලාදේශයෙන් ප්‍රබල පිළිතුරක්..

බංග්ලාදේශයෙන් ප්‍රබල පිළිතුරක්..

by Staff Writer . 17-05-2022 | 8:41 PM
  ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(17) තුන්වැනි දිනටත් බංග්ලාදේශයේ චොට්ටොග්‍රාම්හිදී පැවැත්විය. පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 03 ක් දැවී ලකුණු 318 ක් රැස් කර ගෙන සිටියේය. තමීම් ඉක්බාල් අද වාර්තා කළේ ටෙස්ට් පිටියේ 10 වැනි ශතකයයි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397 ක් රැස් කළේය.