by Staff Writer . 17-05-2022 | 6:31 PM
COLOMBO (News 1st): බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) අද(17) ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ඊට අමතරව අද පෙරවරුවේ කොළඹ මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා.
මේ අතර, ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙකු හෙට(18) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මෙම පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රවරුන් ඇතුළු විසි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා, පොලිස්පතිවරයාට සහ රහස් පොලීසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ ලිඛිතව උපදෙස් ලබා දුන්නේය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම ,සමාජ ක්‍රියාකාරිකයකු බව පවසන ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ද මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතරට අයත්ය.
මේ අතර, ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට දන්වා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මේ පිළිබඳව මන්ත්‍රීවරන් දැනුවත් කරන ලෙස කතානායකවරයාට දැනුම් දුන් බවය.