by Staff Writer . 17-05-2022 | 3:48 PM
COLOMBO (News 1st) – ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමේ යෝජනාව පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සිය ඡන්දය ලබා දුන්නේ ය.
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය.
මෙහීදී යෝජනාව සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට යෝජනාවට විපක්ෂව ඡන්ද 119 ක් හිමිවිය.
ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 68 කි.
මේ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගත යුතු නැති බවට ප්‍රකාශවීම මත ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමේ හැකියාවක් නොලැබෙනු ඇති.