ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව : ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේපයි

by Staff writer 17-05-2022 | 1:22 PM

COLOMBO (News 1st) – ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය

මෙහීදී යෝජනාව සඳහා පර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වූ අතර එම යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 කි. මේ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගත යුතු නැති බවට ප්‍රකාශවීම මත ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමේ හැකියාවක් නොලැබෙනු ඇති. ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව ගෙන එනු ලැබුවේ, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමනිදරන් මන්ත්‍රීවරයා විසිනි.