21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද සාකච්ඡාවක්

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද සාකච්ඡාවක්

by Staff writer 16-05-2022 | 7:19 AM

COLOMBO (News 1st) – 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පවසයි.

පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පළමු කැබිනට් අමාත්‍ය රැස්වීම පැවැත්විය. එහිදී ඉන්ධන ආනයනය පිළිබඳව විශේෂ අවධානයට යොමුවී තිබේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙරට වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වන බවය.