සියලුම පාසල් හෙට (17) විවෘතයි

සියලුම පාසල් හෙට (17) විවෘතයි

by Staff Writer . 16-05-2022 | 4:51 PM

COLOMBO (News 1st) – සාමාන්‍ය පරිදි හෙට (17) පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, සිසුන් පාසල් කැඳවීමේ කාලය පිළිබඳ ගැටලුවක් වෙතොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා විදුහල්පතිවරුන්ට බලය පවරා ඇති බවයි. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ලෙසකින් හෝ කල් නොදමන බව විභාග කොමසාරස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා අප කළ විමසීමකදී තහවුරු කළේ ය.