ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

by Staff writer 16-05-2022 | 7:07 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(16) පෙරවරුවේ රැස්වෙයි.

පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට නිදහස් පක්ෂය මූලස්ථානයේදී එම රැස්වීම පැවැත්වෙනු ඇති. නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා සිදු කර ඇති ආරාධනාව පිළිබඳ මෙහිදි අවසන් එකඟතාවයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ. එමෙන්ම හෙට(17) දිනයේ පාර්ලිමේන්තුවේදි නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තෝරා පත් කරගැනීමේ දි සිය පක්ෂය දරන ස්ථාවරය පිළිබදව මෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳවත් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත වන ඇතැයි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. මේ අතර, සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලිපියක් මගින් ආරාධනා කර තිබේ. අගමැතිවරයා මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ , අභියෝග ජයගත හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශවයන් තම ජාතික වගකීම ඉෂ්ඨ කළහොත් පමණක් බවයි.