ශ්‍රීලනිපයත් රනිල්ගේ ආණ්ඩුවට සහය දීමට තීරණය කරයි

ශ්‍රීලනිපයත් රනිල්ගේ ආණ්ඩුවට සහය දීමට තීරණය කරයි

by Sagarika Chathumali 16-05-2022 | 5:35 PM

COLOMBO (News 1st) –  පත්ව ඇති තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු පැහැදිලි කිරීමක් සිදු කරමින් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ,  නිදහස් පක්ෂය මෙම අසීරු තත්ත්වය තුළ  අග්‍රාමාත්‍යවරයාටත් රජයටත් සහය දීමට සූදානම් බවයි. මේ අතර මෙම හමුවේදී අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වූයේ දැයි නිව්ස් ෆස්ට් මහ ලේකම්වරයාගෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් දායාසිරි ජයසේකර මහතා පැවසුවේ, අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා නොවූ බව සහ පක්ෂයේ සභාපතිවරයා සමග ඒ සම්බන්ධ අවසන් තීන්දුවකට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.