රනිල්ගේ ආණ්ඩුවට සහය දීමට සජබ සූදානම්

බිලී බා ගැනීම් බෑ... රනිල්ගේ ආණ්ඩුවට සහය දීමට සජබ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

by Staff Writer . 16-05-2022 | 4:06 PM

COLOMBO (News 1st) –  වත්මන් ආණ්ඩුව ආර්ථිකය ගොඩ නැගීම උදෙසා කරනු ලබන රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජන බලවේගයේ පූර්ණ සහය ලබා දීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රට පත්ව ඇති අර්බූදකාරී තත්ත්වයන් හා රට මුදා ගැනීමට අත්‍යවශ්‍ය කාරණා පිළිබඳ සැලකිල්ලට ගෙන අද පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගත් බවයි. කෙසේවෙතත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට හා සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශවයට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම්, අදාළ සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බව ද අදාළ නිවේදනය මගින සමගි ජන බලවේගය අවධාරණය කර සිටී.