නිවාස හා දේපළ හානි වූවන්ට සාධාරණය ඉටුකර දෙනවා

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස හා දේපළ හානි වූවන්ට සාධාරණය ඉටුකර දෙනවා - ප්‍රසන්න

by Staff Writer . 16-05-2022 | 9:43 PM

COLOMBO (News 1st) – රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපළ හානි වූ සියලු දෙනාට සාධාරණය ඉටුකරදීම සඳහා මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවලදී සිදුවූ අලාභානී සම්බන්ධයෙන් මේ වන විටත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇති බවයි. දිවයින පුරා විවිධ ප්‍රදේශවල හිටපු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා නගර සභා සභාපතිවරුන් ,ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ඉලක්ක කරගනිමින් නිවාස සහ දේපළ ගිනි තැබීම් හා විනාශ කිරීමේ සිද්ධීන් රැසක් වාර්තාවී ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ය. මේ පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.