ඉන්ධන ප්‍රවාහනය යළි ඇරඹේ..

නතර කර තිබූ ඉන්ධන ප්‍රවාහනය යළි ඇරඹේ..

by Staff writer 16-05-2022 | 6:48 AM

COLOMBO (News 1st) – වෙසක් උත්සවය වෙනුවෙන් නතර කර තිබූ ඉන්ධන ප්‍රවාහන කටයුතු අද(16) දිනයේ සිට ආරම්භ කළ බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ , වෙසක් උත්සවය වෙනුවෙන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනය නතර කළ බවයි. කොළඹ ඉන්ධන පිරවුම්හල් වෙත අද දහවල් වනවිට ඉන්ධන ලැබෙනු ඇති බව ද ඔහු පැවසුවේ ය. මේ අතර , වෙසක් පොහොය දිනය සඳහා සියලු සේවකයින්ට නිවාඩු ලබාදීම හේතුවෙන් ඊයේ දිනයේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරිමක් සිදු නොකළ බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහන් කළේ ය. මේ අතර, ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන සඳහා ගෙවීම් කිරීමට නොහැකිව මේ වනවිට ඉන්ධන නෞකා තුනක් මෙරට සතියකට ආසන්න කාලයක් මෙරට මුහුදේ නැංගුරම් ලා තිබේ. ප්‍රෙට්‍රල් ,බොරතෙල් හා දැවි තෙල් තොග රැගත් නෞකා තුනක් එලෙස මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා‍වේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ , එම නෞකා සඳහා හෙට(17) දිනයේ ඩොලර් ගෙවීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට හැකියි.