ප්‍රදේශ කිහිපයකට 100mm ඉක්මවූ වැසි..

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..

by Staff writer 16-05-2022 | 7:07 AM

COLOMBO (News 1st) – අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 06 කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සදහන් කළේ , රත්නපුර , කළුතර , මහනුවර , නුවරඑළිය , කෑගල්ල , මාතර යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. මේ අතර රත්නපුර ප්‍රදේශ කිහිපයකට බලපෑ ඇති සුළු ගංවතුර තත්ත්වය ඉදිරි කාලය තුළ පහව යනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, පහත් බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙසය.