ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 16-05-2022 | 6:00 AM
දේශීය පුවත් 1.ජනපති සහ නව අගමැති ප්‍රධානත්වයෙන් පළමු කැබිනට් රැස්වීම පවත්වයි – ජනාධිපති සහ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (15)පවත්වා තිබේ. 2.මෙරට දූෂිත දේශපාලනඥයින් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම වැළැක්වීමට මහජන පෙත්සමකට අත්සන්.. – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වූ ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක නිරත විය. 3.ප්‍රචණ්ඩ ක්‍රියාවල සැකකරුවන් හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි – පසුගිය 09 වැනිදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. 4.ප්‍රචණ්ඩ ක්‍රියාවල සැකකරුවන් හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි – පසුගිය 09 වැනිදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. 5. 09 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 230ක් අත්අඩංගුවට.. – පසුගිය 09 වැනිදා දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 230 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. විදෙස් පුවත් 1. නිව්යොර්ක් නුවර වෙඩි තැබීමක් 10ක් මරුට – අමෙරිකාවේ නිව්යොර්ක් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.