ඇමති ධුර භාර නොගෙන රට ගොඩ නැගීමට සහය දෙනවා.. ගම්මන්පිල අගමැතිට කියයි

by Staff Writer . 16-05-2022 | 11:35 AM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තු ස්වාධීන වූ පක්ෂ 10 කණ්ඩායමේ නියෝජිතයින් හා තවත් ස්වාධීනව ක්‍රියා කරන මන්ත්‍රී කණ්ඩායමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රැස්වීම අවසානයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍ය ධුර භාර නොගෙන අගමැතිවරයා යෝජනා කරන කමිටු 15 ට සම්බන්ධවී ඒ මොහොතේ පවතින ජනතා ගැටලු විසඳීමට සහය දෙන බවයි. මේ සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ආචාර්ය විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් පැමිණියහ.