මැතිව්ස්ගේ ද්විත්ව ශතකය ලකුණකින් ගිලිහෙයි

ඇන්ජලෝ මැතිව්ස්ගේ ද්විත්ව ශතකය ලකුණකින් ගිලිහෙයි

by Staff writer 16-05-2022 | 8:12 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) දෙවැනි දිනටත් චොට්ටොග්‍රාම්හිදී පැවැත්විය.

අද දිනට තරගය නතර කරන විට, බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 76 කි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 258ක් රැස් කරගෙන සිටියේ ය. ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 136 අනගි සබඳතාවක් ගොඩනැගුවේ ය. චන්දිමාල් ලකුණු 66ක් රැස් කළේ ය. ඇන්ජලෝ මැතිව්ස් සිය දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය අභියස සිටියේදී ලකුණු 199කට දැවී ගියේය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 397කි. බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නයීම් හසන් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. අද දිනය සඳහා තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය වෙනුවෙන් මහ්මුදුල් හසන් සහ ටමීම් ඉක්බාල් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ය.