හෘද රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ රාශියක හිඟයක්..

හෘද රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ රාශියක හිඟයක්..

හෘද රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ රාශියක හිඟයක්..

කර්තෘ Staff writer

16 May, 2022 | 7:20 am

COLOMBO (NEWS1ST) : හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති රැස්වීමකදී අනාවරණය කර තිබේ.

ඖෂධ, ශල්‍ය උපකරණ හා රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4 කින් ගෙවීම් කර නැති බවත් මෙහිදී අනාවරණය විය.

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි සෞඛ්‍ය අමාත්‍යාංශය විවෘත කර ඇතත් ඩොලර් හිඟය හේතුවෙන් කිසිවක් ආනයනය කිරීමට නොහැකි වී ඇති බව අනාවරණය වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]