උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

by Staff writer 16-05-2022 | 10:29 AM

COLOMBO (NEWS1ST) : රඹුක්කන හා කඩිගමුව අතර දුම්රියක් පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ, මහනුවර සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද ඔහු පැවසුවේ ය.