COLOMBO (News 1st) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වූ ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක නිරත විය.
එහිදී මෙරට දූෂිත දේශපාලනඥයින් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා මහජන පෙත්සමකට අත්සන් ලක්ෂයක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි.
ඩිහාන් නවමුණිදේවගේ
ගොඩාක් ප්‍රචාරයක් යනවා අපේ දූෂිත දේශපාලඥයින් ඕස්ට්‍රේලියාවට එනවා කියලා. අපි ඉතින් මෙහෙට එක් රැස්වෙලා තියන්නේ බලාපොරොත්තු වෙන්නේ අද පෙටිෂන් එකක් ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අත්සන් ලක්ෂයක් ලබා ගැනීමට සති 04 ක් ඇතුළත. ඒක අපි ඕස්ට්‍රේලියන් පාර්ලිමන්ට් එකට ගිහිල්ලා ඒක හෑන්ඩ්ඕවර් කරන්න තමයි ඉන්නේ. ඒක පාර්ලිමන්ට් එකේ ඩිබෙට් කරන්න පුළුවන් විදිහට ගන්න පුළුවන්.
ඒ කට්ටිය කරන වැරදිවලට මේ රටට ඇවිල්ලාල වැරැද්ද හදාගන්න බැහැ. යම් කිසි වැරැද්දක් කරා නම් ඒක ඒ රටේම ඒ කියන්නේ අපේ රටේ ලංකාවෙම නීතිය අනුව ඒක විසදෙන්න ඕනි. ඕනිම වැරැද්දක් කරලා රටින් පැනලා යන්න බැහැ.
මේ අතර , මෙරට ජනාධිපතිවරයා ඉල්ලා අස්වන ලෙස බලකරමින් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති විරෝධතාවට ඊශ්‍රායලයට එරෙහිව විරෝධතාවල නිරත වන පලස්තීන ජාතිකයින් ද පැමිණියේ ය.