නිව්යොර්ක් නුවර වෙඩි තැබීමක් 10ක් මරුට

නිව්යොර්ක් නුවර වෙඩි තැබීමක් 10ක් මරුට

by Staff Writer . 15-05-2022 | 2:24 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ නිව්යොර්ක් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, වෙළෙඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි . වෙඩි තැබීමෙන් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. සුදු ජාතිකයෙකු විසින් කළු ජාතිකයින් ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර තිබේ. වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමේ අරමුණින් සැකකරු වෙඩි තැබීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.