අනුරාධපුර ඇමැති නිවාසවලට හානි කළ 9ක් රිමාන්ඩ්

අනුරාධපුර මැති ඇමැති නිවාසවලට හානි කළ 9ක් රිමාන්ඩ්

by Staff writer 15-05-2022 | 5:00 PM

COLOMBO (News 1st) – අනුරාධපුර නගරයේ මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ දේපොළවලට හානි කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙ‌නෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරුවන් අද(15) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.