ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

කර්තෘ Staff Writer .

15 May, 2022 | 7:31 am

COLOMBO (News 1st) – දේශීය පුවත්

01. නව කැබිනට් අමාත්‍යවරු 4ක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනපති ඉදිරියේ ඊයේ (14) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

02. 09 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 90කට ආසන්න පිරිසක් අත්අඩංගුවට – පොලීසිය

පසුගිය 09 වැනි දා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 90 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

03. රාජපක්ෂවරු නොමැති ආණ්ඩුවක් හැර වෙනත් විසඳුමක් නැහැ – සජිත්ගෙන් අගමැති රනිල්ට පිළිතුරක්

සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රමාතය රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් මගින් ආරාධනා කර තිබේ.

04.රත්නපුර සුළු ගංවතුර මට්ටම ඉහළ යාමේ අවදානමක්: ධීවරයින්ටත් අනතුරු ඇඟවීම්

කළු ගඟේ රත්නපුර හා බුලත්සිංහල ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

විදෙස් පුවත්

01. දිල්ලියේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට..

ඉන්දියාවේ දිල්ලි නුවර මහල් 04කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]