ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 90ක් අත්අඩංගුවට

09 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 90කට ආසන්න පිරිසක් අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 14-05-2022 | 9:37 PM

COLOMBO (News 1st) - පසුගිය 09 වැනි දා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 90 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊයේ(13) දිනය වනවිට පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු බවයි. මීගමුවෙන් සැකකරුවන් 15 දෙනෙක්, ‍පොළොන්නරුවෙන් සැකකරුවන් 17 දෙනෙකු ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අද දිනයේ ගම්පහින් සැකකරුවන් 09 දෙනෙක් හා අනුරාධපුරයෙන් සැකකරුවන් 04 දෙනෙකු ද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි. මේ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙවීමට කටයුතු කළ සියයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.