by Staff writer 14-05-2022 | 9:01 PM
COLOMBO (News 1st) - සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රමාතය රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් මගින් ආරාධනා කර තිබේ.
පවතින තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ, මෙම නව දේශපාලන මාවත ඔස්සේ ගමන් කරමින් අප සියලුදෙනාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් හා දැඩි කැපවීමෙන් රට ස්ථාවර මට්ටමකට ගෙන ඒම බව අග්‍රාමාත්‍යවරයා යැවූ ලිපියේ සඳහන් ය.
එම ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ඉතිහාසයේ මුහුණ දී ඇති දැවැන්තම ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීමේදී මහ පොළොවේ ජනතා මතයට අනුව විසඳුම් සෙවිය යුතු බව සමගි ජන බලවේගයේ සහ සමගි ජනබල සන්ධානයේ මතය බවය.
ජනතාව ඉල්ලා සිටින දේශපාලන විසඳුම් පිළිබඳව සලකා බැලීමේදී ඉතා පැහැදිලිවම විවිධ ඉල්ලීම් සහිතව රාජපක්ෂවරුන් නොමැති පාලනයක් ජනතාව ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා අග්‍රමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
සමගි ජන බල සන්ධානයේ ස්ථාවරය අනුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිපි දෙකෙහි සඳහන් කරුණුවලට අදාළව පක්ෂයේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.