මන්ත්‍රී ආරක්ෂාව තර කරන්න අතිරේක පොලිස් නිලධාරීන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අතිරේක පොලිස් නිලධාරීන්

by Staff writer 14-05-2022 | 6:27 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් මූලස්ථානය, ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, මන්ත්‍රීවරයෙකුට උපරිම පොලිස් නිලධාරීන් 6 දෙනෙකුගේ ආරක්ෂාව සැලසෙන පරිදි අමතර නිලධාරීන් 4 දෙනෙකු අනුයුක්ත කෙරෙනු ඇති. ඊට අමතරව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ටී56 ගිනි අවි දෙක බැගින් අදාල කණ්ඩායම් වෙත ලබා දීමට ද පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී ඇත. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගනු ලැබුවේ පසුගිය 09 වැනිදා ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසුවයි.