නව කැබිනට් අමාත්‍යවරු 4ක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු 4ක් දිවුරුම් දෙයි

by Staff writer 14-05-2022 | 3:12 PM

COLOMBO (News 1st) - නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනපති ඉදිරියේ අද(14) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

ඒ, ජනාධිපති මන්දිරයේදීය. ඒ අනුව, දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු මෙසේය. 01. විදේශ කටයුතු - ජී.එල්. පීරිස් මහතා 02. විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා 03. නාගරික සංවර්ධන හා නිවාස - ප්‍රසන්න රණතුංග මහතා 04. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන - දිනේෂ් ගුණවර්ධන මහතා