by Staff writer 14-05-2022 | 8:56 PM
COLOMBO (News 1st) - නව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම ජනතාවගේ විශ්වාසය ගොඩනැගෙන ආකාරයට සිදු කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, නව අග්‍රාමාත්‍යවරයා සරල බහුතරයකට එහා ගිය සියලු පක්ෂවල සහයෝගය ලබාගත හැකි පුද්ගලයෙක් විය යුතු බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා හැකිතාක් ඉක්මණින් පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයක් ලබාගෙන නියෝජිත සමගි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ මතය වී තිබේ.
එසේ පිහිටුවා ගන්නා නව රජය තුළින් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලිය යුතු බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.