සජිත් සහ තානාපතිවරුන් අතර සාකච්ඡා

විපක්ෂ නායකවරයා සහ තානාපතිවරු රැසක් අතර සාකච්ඡා

by Staff writer 14-05-2022 | 9:35 PM

COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) රටවල් රැසක මෙරට සිටින තානාපතිවරු හමුවිය.

ඒ අතරට, ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා, ජර්මන්, ප්‍රංශ, නෙදර්ලන්ත, ඉතාලි හා රුමේනියා තානාපතිවරුන් ඇතුළත් ය. මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සහයෝගය ලබා ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ගෙන් ඉල්ලා ඇත.