යල කන්නයට අවශ්‍ය පොහොර ඉන්දියාවෙන්..

යල කන්නයට අවශ්‍ය පොහොර ඉන්දියාවෙන්..

යල කන්නයට අවශ්‍ය පොහොර ඉන්දියාවෙන්..

කර්තෘ Staff writer

14 May, 2022 | 12:00 pm

COLOMBO (News 1st) – යල කන්නය සඳහා මෙරටට අවශ්‍ය පොහොර ලබාදෙන බවට ඉන්දියාව සහතික වී තිබේ.

හින්දු පුවත්පත අනාවරණ කළේ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය නිලධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවකදී එම තහවුරුව ලබා දී ඇති බවයි.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් චතුර්වේදී මහතා හමුවී ශ්‍රී ලංකාවේ යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000 ක් සැපයීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිය පළ කර තිබේ.

නේපාලය හැරුණු විට ඉන්දියාව පොහොර ලබාදෙන බවට නිශ්චිතව තහවුරු කර ඇති දෙවන රට ශ්‍රී ලංකාව බව ද හින්දු පුවත්පත අනාවරණ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]