නාමල්ගේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළකේ

හිටපු ඇමති නාමල් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළකමින් අතුරු තහනමක්

by Staff Writer . 13-05-2022 | 1:14 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබේ.

ඒ, ලබන ජුනි මස 30 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදියි. එම නියෝගය නිකුත් කෙරුණේ ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.