ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ඉන්දුනීසියාව ඉදිරියේ පරදී

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ඉන්දුනීසියාව ඉදිරියේ පරදී

by Staff Writer . 13-05-2022 | 9:45 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාව පරදා ඉන්දුනීසියානු හොකී කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත්‌තේ ය.

සුදුස්සන් තේරීමේ තරඟාවලිය තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් 9 ක් තරඟ කරයි. එහි ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ඊයේ (12) පැවැත් විය. තරගයේ පළමු කාර්තුවේදී දෙපිළටම ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර දෙවන කාර්තුවේද දෙපිළම ගෝලය බැගින් රැස් කළේ ය. තුන්වන කාර්තුවෙදී ඉන්දුනීසියාව තවත් ගෝල 2 ක් රැස කළත් ශ්‍රී ලංකාවට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය. ඒ අනුව ගෝල 3 ට1 ක් ලෙස ඉන්දුනීසියාව තරගය ජය ගත්තේ ය.