විපක්ෂ නායකවරයාගෙන් යළිත් ජනපතිට ලිපියක්

විපක්ෂ නායකවරයාගෙන් යළිත් ජනපතිට ලිපියක්

by Staff Writer . 13-05-2022 | 7:33 PM

COLOMBO (News 1st) –  ජන මතයට පටහැනිව පිහිටුවීමට අදහස් කරන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගය විසින් කිසිදු සාමාජිකයෙකු යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

ඊයේ ජනාධිපතිවරයා යොමු කර තිබූ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් විපක්ෂ නායකවරයා දැනුම් දී ඇත්තේ මැයි මස 12වැනිදා ඔහුගේ ලිපියේ දක්වා ඇති කොන්දේසිවලට යටත්ව තමන් විසින් පිහිටුවන ආණ්ඩුවක අගමැති ලෙස ජනතාවට සේවය කිරීමට කැපවී සිටින බවයි. අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනා කරනවිට තමන් එය භාරගැනීමට කැමැත්තක් නොමැති බව ප්‍රකාශ නොකළ බව ද විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාට සිහිපත් කර තිබේ. ජනතා කැමැත්තට පටහැනිව ජනාධිපතිවරයාට දින නියමයක් නොමැතිව ධුරයේ රැඳී සිටීමට සලසන වෙනත් වැඩපිළිවෙළකට එළැඹීම ජනතා පරමාධිපත්‍යයට පහරදීමක් බව සමගි ජන බලවේගයේත් තමන්ගේත් අදහස බව සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.