අගමැතිට සහය දෙනවාද?නැද්ද?-ශ්‍රීලනිප තීරණය අද

නව අගමැති රනිල්ට සහය දෙනවාද? නැද්ද? - ශ්‍රීලනිප තීරණය අද?

by Staff Writer . 13-05-2022 | 7:45 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (13) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

ඒ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේදීය. පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරනවාද නැද්ද යන්න පිළිබඳව මෙහිදී තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගනු ලබන තීන්දුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්විමක් හෙට (14) පෙරවරු 9.00 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වීමෙන් පසුව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ජනාධිපතිවරයා හමුවෙන පළමු අවස්ථාව මෙය වනු ඇති