by Staff writer 13-05-2022 | 7:07 PM
COLOMBO (News 1st) - ජනතාව මුහුණදෙන ගැටලු වහා විසඳීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටු 4 ක් පත්කරනු ලැබ තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීම සඳහා පත්කර ඇත්තේ, වජිර අබේවර්ධන හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ය.
රුවන් විජේවර්ධන මහතා ඖෂධ හිඟය පිළිබඳව සොයා බැලීමට පත්කර ඇත.
පොහොර අර්බුදය සොයා බැලීමට පත්කර ඇත්තේ, අකිල විරාජ් කාරියවසම් මහතායි.
ඛණිජ තෙල් ප්‍රශ්නය සොයා බැලීමට සාගල රත්නායක මහතා පත්කර ඇත.
මේ කමිටු අදාළ විෂයයට සම්බන්ධ පාර්ශව හමුවී සාකච්ඡා කර ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ය.