by Staff writer 13-05-2022 | 6:47 PM
COLOMBO (News 1st) - අධික වර්ෂාව සමග කළු ගඟ රත්නපුරයෙන් සුළු ගංවතුර මට්ටමට ආසන්න වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ, මේ වනවිට ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි.
ඒ අනුව කළු ගඟ දෙපස හා නායයෑම් අවදානම් ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට විමසිලිමත් වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා උපදෙස් දී තිබේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක 6කට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.
එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අනෙකුත් දිස්ත්‍රික්ක වන්නේ, නුවරඑළිය, රත්නපුර, කළුතර, මහනුවර, කෑගල්ල, මාතරයි.