by Staff Writer . 13-05-2022 | 8:31 PM
COLOMBO (News 1st) –අලුතෙන් පත්වන කැබිනට් මණ්ඩලය අවශ්‍යතාව මත රට ගොඩනැගී සඳහා යම් කාලවකවානුවක් සඳහා පමණක් පත් කරන කැබිනට් මණ්ඩලයක් බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නව ආණ්ඩුව පිළිබඳව විමසා සිටි අතර එම අවස්ථාවේ උපනායකවරයා මේ බව පැවසී ය.
ප්‍රශ්නය -: දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සංයුති මොනවගේ වෙයිද? ජනතාව ඉතාමත් උනන්දුවෙන් බලා සිටිනවා දැන් අමේ අලුතෙන් පත් කරන කැබිනට්ටුව කොයි වගේ වෙයිද?
අකිල විරාජ් කාරියවසම් -:ඇත්ත වශයෙන්ම අර යවෙනදා වගේ නෙවෙයි. මේ හැම එකක්ම පත්වෙන්නේ කැබිනට්ටුවේ සිට පත්වෙන්නේ එහෙම නැතුව මේ කැබිවට් ඇමතිකම් අරගෙන අර වරප්‍රසාද භුක්ති විඳිමින් අර පරණ තිබ්බ ඒ යල්පැන ගිය ක්‍රමවේද ඔස්සේ කවුරුත් අද පිළිගන්නෙත් නෑ. කවුරුත් මං හිතන්නේ අනුමත කරන්නෙත් නෑ.
උපනායකවරයා පැවසූවේ, ඒ අනුව ජනතාව පිළිගන්නා හැකි තරම් සෑම පාර්ශ්යක්ම එකතුකරගෙන ගෙනයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
පක්ෂ ගණනාවක් මේක නියෝජනය කරනවා පක්ෂවල කණ්ඩායම් නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් වේවී.
ප්‍රශ්නය -: ඔබතුමාලා නිල වශයෙන් එකට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා ද අනිත් පක්ෂවලට?
අකිල විරාජ් කාරියවසම් -: ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරලා තියෙන්නේ මේ වොනකොට ඒ අවශ්‍ය වෙලාවේදී අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වේවී බයවෙන්න ඒපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක ඒ ආණ්ඩු කරන්න සහභාගීත්වය එනවා. ඒ කණ්ඩායම් පිටින් ඒ හින්දා ඒ ගැන දැම්ම කියන්න ඒපා අපි පැහැදිලිව කියනවා 124 ට වැඩිය හදාගන්න පුළුවන්
ප්‍රශ්නය -: පක්ෂ නායකයින්ගෙන් අනු දැනුම නැතුව ගන්නව ද ?
අකිල විරාජ් කාරියවසම් -: අපිට ආණ්ඩුවනේ හදන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න බහුතරය නේ බහුතරයටත් වඩා හදා ගන්න පුළුවන් නම් එච්චරයි නේ මේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් දෙන්න ඕනිකම තියෙන නායකයෝ ඔක්කොම එකතු වෙනවා.
ප්‍රශ්නය -:නායකයෝ කිව්වේ බැසිල් ද? ගෝඨා මහින්ද ද?
අකිල විරාජ් කාරියවසම් -:නෑ නෑ නෑ දැන් රටම දන්නව නේ ඒක අසමත් වෙලා ඉවරයි නේ