අගමැති රනිල්ට පොහොට්ටුවේ සහය ලැබෙයි

by Staff Writer . 13-05-2022 | 11:14 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

මහ ලේකම්වරයා නිව්ස් ෆස්ට් වෙත පැවසුවේ, ජනාධිපතිවරයාගේ තීරණය අනුව කැබිනට් අමාත්‍ය ධුර භාර ගැනීම තීරණය වන බවයි. මහ ලේකම්වරයා කියා සිටියේ , රටේ දැනට පවතින විශාල ආර්ථික අර්බූදයට පිළියම් සෙවීම සඳහා සියලු දේශපාලන කරුණුවට වඩා මුල් තැන දිය යුතු බවයි. ඒ් අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිත්වය දරන ආණ්ඩුව ආර්ථික ප්‍රශ්න විසඳීමෙහි ලා ගනු ලබන සියලු සාධනීය ක්‍රියාවලට පොදුජන පෙරමුණේ සම්පූර්ණ සහය ලබා දෙන බව ද මහ ලේකම්වරයා පැවසී ය. කෙසේ වෙතත් සියලු කටයුතු සිදු කරන්නේ,පක්ෂයේ ස්වාධීනත්වය රැක ගනිමින් බව ද ඔහු සඳහන් කළේ ය. තවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, හෙට උදෑසන 10.00 ට ජනාධිපතිවරයා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායමට කැඳවීමක් ද සිදු කර ඇති බවයි.