by Staff Writer . 12-05-2022 | 9:52 PM
COLOMBO (News 1st) – අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති,සම්මන්ත්‍රණ,දේශන සහ වැඩමුළු පැවැත්වීම ලබන 17දා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021(2022) මැයි මස 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.