by Staff Writer . 12-05-2022 | 10:12 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබේ.
ඉන්දියා මහ කොමසාරිස්වරයා පවසන්නේ, සිය රට ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් පත් වූ නව අග්‍රාමාත්‍යවරයා සමග ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම ඉදිරියටත් පවතින බවත් මහ කොමසාරිස්වරයා පවසයි.