නව අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සමන් ඒකනායකට

නව අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සමන් ඒකනායකට

by Staff Writer . 12-05-2022 | 8:10 PM

COLOMBO (News 1st) –  නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබේ.

සමන් ඒකනායක මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගෙන තිබේ. 2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඒකනායක මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙනි. ඒකනායක මහතා වසර 30ක් ඉක්මවූ සිය පරිපාලන සේවාවේ දී යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයන්හි ද සේවය කර තිබේ.