ජනපතිගෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්

ජනපතිගෙන් විපක්ෂ නායකවරයාට ලිපියක්

by Staff Writer . 12-05-2022 | 10:21 PM

COLOMBO (News 1st) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහිදි ජනාධිපතිවරයා පවසන්නේ නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස පළමුව ආරධනා කළේ, විපක්ෂ නායකවරයාට බවයි. එහෙත් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන තුරුත් විපක්ෂ නායකවරයා ප්‍රතිචාරයක් ලබා නොදුන් බව ජනාධිපතිවරයා පවසයි. ඒ අනුව අනෙකුත් පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව එම ලිපිය මගින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ජාතික අවශ්‍යතාවක් සේ සලකා සමගි ජන බලවේගයේ යම් පිරිසක් ඉදිරියේදී පත් කිරිමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරිමට එකඟ වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නොපමාව තමා දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දැනුම් දෙයි.