පොලිසිය කළ ඉල්ලීම සලකා බැලීම කල් යයි

ගාලු මුවදොර බාධක ඉවත් කිරීමට නියෝගයක් කරන්නැයි, පොලිසිය කළ ඉල්ලීම සලකා බැලීම කල් යයි

by Staff Writer . 12-05-2022 | 8:20 PM

COLOMBO (News 1st) –  ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රවේශ මාර්ගයේ පවතින බාධක ඉවත් කිරීමේ හදිසි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීම ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේ ය.

පැමිණිල්ල අද කැඳවූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේයි. සිට ඉල්ලීම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පොලිසිය අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ, පොලීසියට මෙම ඉල්ලීම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී යන බවයි. මේ අතර ගාලු මුවදොර පිටියෙන් විරෝධතාකරුවන් ඉවත් කරන ලෙස තමන් කිසිදු ඉල්ලීමක් නොකළ බව එම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ හා ආපන කළමනාකාරවරු සිය නීතිඥවරු මාර්ගයෙන් අද අධිකරණයට දැනුම් දුන්හ. ඔවුන් මේ දැනුම්දීම කළේ, දිවුරුම් ප්‍රකාශය ද සමගයි. පොලීසිය අධිකරණයට අසත්‍ය ප්‍රකාශ සිදු කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතියට අනුකූලව කටයුතු කිරීමට අදහස් කරන බවත් මෙහිදී කරුණු දැක්වූ නීතිඥවරු කියා සිටියහ. අරගලකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඊළඟ නඩු දිනයකට පෙර මෙම නඩුව කැඳවන්නේ නම් ඒ සම්බන්ධයෙන් වග උත්තකාර පාර්ශවයට ද නොතීසි නිකුත් කරන ලෙසයි. ඒ අනුව පැමිණිල්ල ජූනි මස 13 වන දින යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.