by Staff Writer . 12-05-2022 | 10:02 PM
COLOMBO (News 1st) – ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලී චන්ග් මහත්මිය නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබේ.
නව අග්‍රාමාත්‍යවරයාට සුබ පතමින් ඇය පවසන්නේ, නව අගමැතිවරයෙකුගේ පත්වීමත් සාමූහික ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමත් රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය මූලික පියවර බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව සුබවාදීව කටයුතු කිරීමටත්, රටේ ජනතාව මුහුණ දෙන අර්බුධවලට දිගු කාලීන විසඳුම් ලබා දීම සඳහා උනන්දු කරවීමටත් තමා කටයුතු කරන බව ඇමරිකානු තානාපතිවරිය පවසන්නී ය.