by Staff writer 11-05-2022 | 8:31 PM
COLOMBO (News 1st) - මැර කණ්ඩායම් හෝ ප්රචණ්ඩ කණ්ඩායම් කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා මැඩපැවැත්වීමට අවශ්‍ය විටෙක වෙඩි බලය පාවිච්චි කිරීමට ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී ඇතැයි, ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, මැර කණ්ඩායම් හෝ ප්රචණ්ඩ කණ්ඩායම් විසින් සිදු කරන රථවාහන සෝදිසි කිරීම් රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම හා පහරදීම් වැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය බලය යොදන ලෙසයි.