NEWS JUST IN :පක්ෂ නායක රැස්වීම අවලංගු කෙරේ

හෙට (11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගුයි

by Staff Writer . 10-05-2022 | 10:31 PM

COLOMBO (News 1st) – හෙට (11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කතානායකවරයා පවසන්නේ,මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. ලබන සඳුදා පක්ෂ නායක රැස්වීම යළි කැඳවීමට තීරණය කර ඇතත්, එය ද අවිනිශ්චිත බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.