රත්ගම සභාපතිගේ නිවසේ අසල වෙඩි තැබීමක්

රත්ගම සභාපතිගේ නිවසේ අසල වෙඩි තැබීමක් : 3 දෙනෙකුට තුවාල

by Staff writer 10-05-2022 | 8:30 PM

COLOMBO (News 1st) - රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය ‍ සඳහන් කළේ, සභාපතිවරයාගේ නිවසට පිරිසක් පහර දීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට අදාළ ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට පිරිසක් ගිනි තබා ඇති බවයි.