යුද හමුදාපතිවරයාගෙන් නිවේදනයක්

ත්‍රිවිධ හමුදාව මහජන කැළඹීම් ඇතිවිය හැකි කිසිදු ක්‍රියාවක නිරත වන්නේ නැහැ - යුද හමුදාපති

by Staff Writer . 10-05-2022 | 10:17 PM

COLOMBO (News 1st) –  ආරක්ෂක අංශ කිසිදු අවස්ථාවක මහජන කැළඹීම් ඇතිවිය හැකි ආකාරයක පහත් ක්‍රියාවන්වල නිරත නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආරක්ෂක අංශ යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වෙඩි තබා ජනතාව කුපිත කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකිමිනි. ඉතා පහත් සහ ජනතාව නොමග යවන සුළු එම ප්‍රකාශය ත්‍ත්‍රිවිද හමුදාව තරයේ හෙළා දකින බව ද යුද හමුදාපතිවරයා පවසයි.